වර්ණ





චිත්‍ර කලාව හදාරද්දි අපේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණක් තමයි, වර්ණ .
අපි කොතරම් ලස්සනට චිත්‍රයක් ඇන්දත් ගැලපෙන වර්ණ යොදා ගත්තේ නැත්නම් ,චිත්‍රය අසාර්ථක වෙනවා.මම මේ ලිපියෙන් උත්සහ කරන්නෙ වර්ණ ගැන දැනගත යුතු මූලික කරුණු කිහිපයක් ඔයාලා එක්ක සාකච්චා කරන්න.

ප්‍රාථමික වර්ණ(මූලික වර්ණ)

Image result for primary coloursමූලික වර්ණ කියල අපි කියන්නේ වෙනත් වර්ණ මිශ්‍ර කරලා අපිට හදාගන්න බැරි වර්ණ.
මූලික වර්ණ 3 ක් තියනවා
                             නිල්                                                                                                       කහ
                              රතු



ද්විතික වර්ණ

ප්‍රාථමික වර්ණ දෙකක් එකට එකතු වීමෙන් සෑදෙන වර්ණ ද්ව්තීක වර්ණ ලෙස හදුන්වනවා .
ද්වීතීක වර්ණ 3 ක් තියනවා.
                                              නිල් + කහ → කොළ
                                              නිල් + රතු ⟶ දම් 
                                              කහ  + රතු ⟶ තැඹිලි


Image result for secondary colours





තෘතික වර්ණ

 ප්‍රාථමික වර්ණ දෙකක් සමානව මිශ්‍ර කිරීමෙන් තමයි ද්වීතීක වර්ණ සැදෙන්නේ .නිල් , රතු ,කහ කියන ප්‍රාථමික වර්ණ එකිනෙකට වෙනස් ප්‍රමාණ වලින් මිශ්‍ර කිරීමෙන් තෘතික වර්ණ සාදාගන්න පුළුවන්.
උදාහරණ
      නිල් කොටස් 1 + රතු කොටස් 1  =   දම්    ( ද්විතික වර්ණ )

      නිල් කොටස් 1 + රතු කොටස් 2  =  රතු දම්  (තෘතික වර්ණ )
      නිල් කොටස් 2 + රතු කොටස් 1 =  නිල්  දම්   (තෘතික වර්ණ )


නිල් සහ රතු ප්‍රාථමික වර්ණ එකිනෙකට වෙනස් ප්‍රමාණ වලින් මිශ්‍ර කිරීමෙන් අපි තෘතික වර්ණ දෙකක් සදා ගත්තා .පහත දැක්වෙන විදිහට වර්ණ මිශ්‍ර කිරීමෙන් අපිට අනෙක් තෘතික වර්ණ සාදාගන්න පුළුවන්.

      නිල් කොටස් 1 + කහ කොටස් 2  = කහ කොළ  (තෘතික වර්ණ )
      නිල් කොටස් 2 + කහ කොටස් 1  = නිල් කොළ  (තෘතික වර්ණ )

      රතු කොටස් 1 + කහ කොටස් 2  = කහ තැඹිලි  (තෘතික වර්ණ )
      රතු කොටස් 2 + කහ කොටස් 1  = රතු  තැඹිලි  (තෘතික වර්ණ )






Image result for tertiary colours


වර්ණ චක්‍රය 

ප්‍රාථමික වර්ණ ,ද්විතික වර්ණ සහ තෘතික වර්ණ ඇතුලත් රූපසටහනක් අපි වර්ණ චක්‍රය ලෙස හදුන්වනවා.විවිධ ආකාරයෙන් නිර්මාණය කරපු වර්ණ චක්‍ර අපිට දැකගන්න පුළුවන්.


Image result for colour wheel with primary secondary and tertiary colours





Image result for colour wheel with primary secondary and tertiary colours


ඉහත දැක්වෙන වර්ණ චක්‍ර එකිනෙකට වෙනස් උනත් ,දෙකේම ඇතුලත් වෙලා තියෙන්නේ ප්‍රාථමික ,ද්විතික සහ තෘතික වර්ණ බව ඔයාලට පැහැදිලි ඇති .



පහත දැක්වෙන URL මගින් ඔයාලට වර්ණ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් .
https://color-wheel-artist.com/
https://www.colormatters.com/
http://thevirtualinstructor.com/Color.html
http://emptyeasel.com/2007/03/16/using-the-color-wheel-color-theory-tips-for-artists-and-painters/
https://www.thoughtco.com/color-theory-for-painting-2578070

සංගත වර්ණ ,විසංගත වර්ණ ,උෂ්ණ වර්ණ ,ශීත වර්ණ ආදී තවත් විස්තර සමග නැවත හමුවෙමු .එතෙක් ඔයාලට සුභ නිවාඩුවක් !




Comments

Post a Comment

Popular posts from this blog

පුංචි සිත්තරුන්ට ආයුබෝවන්!